Tuesday, 9 July 2019

ශ්‍රී ලංකා ජාතික ගීය සරළ සිංහලෙන් ( පාසල් ළමුන් සඳහා විශේෂයි) Sri Lanka National Anthem in light Sinhala

ශ්‍රී ලංකා මෑණියනි,
අපේ ශ්‍රී ලංකාව,
මෑණියනි ඔබට නමස්කාර කරමු.

සුන්දර බවින් හා සෞභාග්‍යයෙන් පිරුණු ඉතා ශෝභමාන වූ ලංකාව.
ධාන්‍ය වර්ග, ධනය (මිල මුදල්), නොයෙක් මල් පලතුරු පිරුණු ලස්සන ජය බිම ලංකාවයි. 

අපට සැපය සෞභාග්‍යය ශාන්තිය සලසා දෙන 
ජීවනයේ අම්මා ඔබයි.
අපගේ භක්ති (ගෞරව) පූජාව පිළිගන්න. 
මෑණියනි ඔබට නමස්කාර කරමු.

අපේ ශ්‍රී ලංකාව.
සිරිලක් මෑණියනි ඔබට නමස්කාර කරමු.

අපගේ දැනුම ඔබයි. 
අපේ සත්‍යය ඔබයි. 
අපේ ශක්තිය ඔබයි. 
අපේ හදවත තුළ ඔබට භක්තිය වෙයි.

ඔබයි අපේ ආලෝකය. 
අපගේ දෙවෙනි පණ ඔබයි.
අපේ ජීවිතය ඔබයි. 
අපේ විමුක්තිය (නිදහස් වීම) ඔබයි.

අපට නව ජීවනයක් (ශක්තියක්) දෙමින් 
හැමවිටම අපව පුබුදු කරන්න ලංකා මාතාවනි. 
නුවණ හා වීර්යය වැඩිදියුණු කරවමින් අපව ජය භූමිය කරා අරගෙන යන්න.

අපි හැමෝම එක ලංකා අම්මගෙ දරුවො නිසා 
පමා නොවී ඉදිරියට යමු. 
ආදරය වැඩිදියුණු කොට හැම 
වාද භේදයක් ම දුරු කර 
ශ්‍රී ලංකා මාතාවට නමස්කාර කරමු.

අපේ ශ්‍රී ලංකාව.
සිරිලක් මෑණියනි, ඔබට නමස්කාර කරමු.

සරළ අදහස: තල්පාවිල කුසලඤාණ හිමි.

No comments:

Post a Comment